තිරුක්කෝවිල් - පොතුවිල් මාර්ගයේ විනයාගපුරම් එක ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පොතුවිල් දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී එම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරා, පසුපස අසුනේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු, ගැහැණු දරුවෙකු හා පිරිමි දරුවෙකු තිරුක්කෝවිල් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

අනෙක් කාන්තාව හා දරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට මාරු කර යවා ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ අවුරුදු 49 ක් වූ කණ්නන්කුඩා ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

තිරුක්කෝවිල් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.