දකුණු කොරියාවේ ග්යොංජි පළාතේ හ්වාසොං හි සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය 26 වනදා රාත්‍රී 9.10 ට පමණ හ්වාසොං හි ජංගන්-මියොන් ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සේවය නිමවී තම නේවාසිකාගාරය වෙත පාගමනින් ගමන් කරමින් සිටි අවුරුදු 30ක පමණ වයසැති ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ට්‍රක් රථයක පිටුපස භාණ්ඩ පටවන කොටසින් පිටතට නෙරා තිබූ කොටසක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බවයි එරට පොලීසිය පවසන්නේ.
අනතුරට සම්බන්ධයෙන් ට්‍රක් රථ රියදුරාට එරෙහිව නඩු පවරා ඇති බවද එරට පොලීසිය පවසනවා.
අනතුරට ලක්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය කර ගෙන නැහැ.
ඩෑෂ්කැම් දර්ශන ඇතුළු සාක්ෂි විශ්ලේෂණය කරමින් එරට පොලිසිය ඉදිරි විමර්ශන පවත්වනු ලබනවා.




