Published
දැදුරු ඔය ජලාශයට එකතුවෙන ජල ප්රමාණය පාලනය කර ගැනීම සඳහා එම ජලාශයේ වාන් දොරටු අට අඩි දෙක බැගින් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව තත්පරයට ඝණ අඩි 11,200 ක ජල ප්රමාණයක් මේ වන විට දැදුරු ඔය වෙත නිකුත් කෙරෙනවා.
එමෙන්ම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක් අඩිය බැගින් විවෘත කර ඇති බවත් ඒ අනුව මී ඔයට තත්පරයට ඝණ අඩි 440ක ජල ප්රමාණයක් නිකුත් කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.




