පවතින වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 02 බැගින් විවෘත කර තිබෙනවා.

ඉන් තත්පරයට ඝන අඩි 5600 ක ජල ධාරිතාවක් නිකුත් කෙරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

එබැවින් ජලාශයේ පහල ප්‍රදේශවල දැදුරුඔය භාවිතා කරන ප්‍රජාව මේ පිළිබදව විමසිලිමත්ව කටයුතු කළ යුතු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.