දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

එහි වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් සහ තවත් වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙලෙස විවෘත කර තිබෙන වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි 4200 බැගින් ජලය දැදුරු ඔයට මුදාහැරෙනවා.

ඒ අනුව දැදුරු ඔය ජලාශයේ පහළ ප්‍රදේශයේ දැදුරුඔය ආසන්න පදිංචි ජනතාව ගංගාවේ ජල මට්ටම් පිළිබඳ ව අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.