අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන් සම්බන්ධයෙන් කර තිබෙන නිගමනය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවිර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ  විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කළා.