දෙමටගොඩ කලු පාලම යටදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි  එෆ්.යූ. වුට්ලර් මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ අදාළ වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.