දෙවිනුවර ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයකින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, අතරට මාතර අපරාධ කොට්ඨාසයේ එක් පොලිස් කණ්ඩායමක්  සහ ගන්දර පොලිස් ස්ථානයේ කණ්ඩායම් දෙකක් ද වන බවයි පොලීසිය පැවසුවේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති තිබුණා.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය පැවසුවා.