පිළිකාවකින් පීඩා විඳිමින් සිටි 'බොතම්' මුහුදු සිංහයා මේවන විට සුවය ලබා ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

'බොතම්' මුහුදු සිංහයා පීඩා විඳිමින් සිටියේ "Squamous cell carcinoma" නමැති දුලබ පිළිකාවකින්.

ඒ් අනුව විදේශීය විශේෂඥ පශු වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහ උපදෙස් මත එම සත්වයා සඳහා විශේෂ ශල්‍යකර්මයක් සිදු කිරීමට තීරණය කෙරුණා.

පරිසර අමාත්‍යාංශයේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ දෙහිවල සත්වෝද්‍යානය තුළ පසුගිය ජුනි මස 30 වන දින අදාල ශල්‍යකර්මය සාර්ථක සිදු කෙරුනු බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් මුහුදු සිංහයකු සඳහා ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.