Published
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන වී තිබෙනවා.
ක්‍රිෂ් ගනුදෙනුවට සම්බන්ධ නඩුකරයට ඉදිරිපත් කිරීම සඳහායි නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ.
මෙම නඩුකරය සඳහා නාමල් රාජපක්ෂ මහතා ඉකුත්දා අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබුණා.
එහෙත් එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කළ නියෝගයකට අනුව මන්ත්‍රීවරයා තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසු වනවා.




