ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂකවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියම කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
මේ අතර අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම් එක් නඩුවකට අදාළව ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කෙරුණා.
ඒ, කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින්.
ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටයි අධිකරණය නියෝග කළේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නාමල් රාජපක්ෂ මහතා සහ චාමර සම්පත් දසනායක මහතා අද පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට එකම බන්ධනාගාර බස්රථයකින් අධිකරණයට රැගෙන එනු ලැබුවා.




