Published
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
2006 වසරේ සිදුවූ සිදුවීමක් සම්බන්ධව කොච්චිඩේ පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා මහතා මීගමුව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.




