Published
නොරොච්චේලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්රය අද දහවල් ජාතික පද්ධතියට එක් කර තිබෙනවා.
ඒ අනුව අද සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා.
පසුගිය සෙනසුරාදා ප්රධාන පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වුණා.
එහි බලපෑමෙන් නොරොච්චෝලේ එක් ජනන යන්ත්රයක්ද අක්රීය වී තිබුණා.
මේ හේතුවෙන් මෙගාවොට් 187ක් පැවති ධාරිතාව ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5ක් දක්වා අඩු අගයකට පහළ ගියා.
මේ හේතුවෙන් පසුගිය දින තුන පුරා කලාප වශයෙන් දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමට පියවර ගත්තා.




