මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ හටගෙන ඇති නොසන්සුන්තාව පාලනය කිරිම සදහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී තිබෙනවා.

කෙසේවෙතත් එම බන්ධනාගාරයේ රැදවියන් විසින් ආරක්‍ෂක අංශ සාමාජිකයන් දෙසට ගල් ප්‍රහාර එල්ල කරන බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ.

එවන් පසුබිමක් තුළ රැදවියන් පාලනය කිරීම සදහා කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කරමින් සිටිනවා.

කෙසේවෙතත් එම බන්ධනාගාරයේ වහලයක් මත නැග සිටි රැදවියන් මේ වනවිට ඉන් බැස ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ.

පල්ලන්සේන බන්ධනාගාරයේ පිටත ආරක්‍ෂාව ද තවදුරටත් තර කර තිබෙනවා.

ඒ අනුව යුද හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයන් ද පිටත ආරක්‍ෂාව සදහා යොදවා සිටින බව නෙත් නිවුස් නියෝජිතයන් වැඩිදුරටත් පැවසුවා.