Published
2026 පළමු මාස 6 තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 9,000 ඉක්මවා ගොස් ඇතැයි ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ වෙළද භාණ්ඩ අපනයන ආදායම ද වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවයි.
වසරක පළමු මාස 6 තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 9,000 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව ද ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.




