Published
ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පනාගොඩ, මැද මණ්ඩිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන්.
මන්ත්‍රීවරයා පැදවූ මෝටර් රථය පදිකයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
එහිදී තුවාල ලැබු පදිකයා ප්‍රතිකාර සදහා ඇතුළත් කෙරුණේ හෝමාගම රෝහලටයි.
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා අධිකරණය හමුවට අද ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.




