කිරින්ද මුහුදේ දියනාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව සිටියදී මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ඊයේ දහවල් බඩල්කුඹුර ප්‍රදේශයේ පාසලක සිසුන් හා ගුරුවරුන් පිරිසක් කිරින්ද මුහුදේ දියනාමින් සිට ඇති බවයි.

දියවැලකට හසුව ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ගසාගෙන යනුදුටු එම ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් එම පිරිස බේරාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ එම පිරිස අතර සිටි පාසල් ගුරුවරයෙකු බවට තහවුරු වී තිබෙනවා.

අසාධ්‍ය තත්වයේ සිටි පාසල් දැරියක් කිරින්ද රෝහලේ සිට තිස්සමහාරාම රෝහල දක්වා මාරුකර යැවුනා.

අදාල දැරිය දියවැලට හසුව ගසාගෙන යනු දුටු මියගිය ගුරුවරයා ඇය බේරාගැනීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහුගේ වයස අවුරුදු 56ක්.