පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව සහ සහරාන් හෂීම් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට මඩකලපුව ප්‍රදේශයේ පදිංචි රවුෆ් මොහොමඩ් ෂියාම් නමැත්තකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමටත් අධිකරණය නියම කළ බවයි නෙත් නිවුස් අධිකරණ නියෝජිතයා පැවසුවේ.

අත්අඩංගුවේ පසුවූ පුද්ගලයා සිය නීතිඥවරිය මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරු කියා තිබුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයින් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට පොලීසිය විසින් තමන් අත් අඩංගුවට ගත් බවයි.