මරණ දඬුවම නියමවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටිනවා.
ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් පසුව එහි ලියාපදිංචි කර මරණ දඩුවමට නියම වූ තැනැත්තන්ට හිමි වන සුදු සරම සහ කබායද ඔවුන් දෙදෙනා වෙත ලබාදුන් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඉන් අනතුරුව ඔවුන් වාට්ටුවක රදවා තිබෙනවා.
එමෙන්ම ඔවුන් දෙදෙනාටද පිගානක් සහ කෝප්පයක්ද ලබාදුන් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
මරණ දඩුවම නියම වූ තැනැත්තන්ට හිමිවන සෙසු වරප්‍රසාද ඔවුන් දෙදෙනාට ද හිමි වනවා.
ඒ අනුව ව්‍යායාම් කිරීම සදහා උදෑසන කාලයේ මිනිත්තු 30 ක කාලයක් වාට්ටුවෙන් පිටත රැදී සිටිනම අවස්ථාව පවතිනවා.
එමෙන්ම ස්නානය සහ දහවල් ආහාර වේල ලබා ගැනීමට ඔවුන් දෙදෙනාටද අවස්ථාව හිමි වන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඉන් අනතුරුව වාට්ටුවේ රදවනු ලබන ඔවුන් යළි පිටතට ගනු ලබන්නේ පස්වරු 4ට පමණයි.
ඒ රාත්‍රී ආහාර වේල ලබාගැනීමටයි.
යළි වාට්ටුවේ රදවනු ලබන ඔවුන් පිටතට ගනු ලබන්නේ පසු දින උදෑසන කාලයේදි බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
මේ අතර පූජිත් ජයසුන්දර මහතාගේ සහ හේමසිරි ප්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයන්ට සතියකට වරක් බන්ධනාගාරයට පැමිණ ඔවුන් බැලීමට අවස්ථාව හිමි වනවා.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ඊයේ මරණ දඬුවම නියම කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබලදීමේ චෝදනාවලට වැරදිකරු කරමින්.



