පොදු රාජ්ය මණ්ඩලීය කබඩි තරගාවලියේ පිරිමි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකාව සමත් වුණා.
ඒ, අවසන් පූර්ව තරගයකදී ප්රබල කෙන්යාව පරාජය කරමින්.
තරගයේ අවසන් ප්රතිඵලය ලකුණු 28ට 24 ක්.
පොදු රාජ්ය මණ්ඩලීය කබඩි තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද් නුවරදි පැවැත්වෙනවා.
එහි පිරිමි තරග සදහා සහභාගි වී සිටින රටවල් ගණන 14 ක්.
ශ්රී ලංකා පිරිමි කණ්ඩායම අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබාගත්තේ “ඒ ” ඛාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගනිමින්.
එහිදී උගණ්ඩාව, මැලේසියාව, ටැන්සානියාව, එංගලන්තය සහ නයිජීරියාව පරාජය කිරීමට ශ්රී ලංකාව සමත් වුණා.
ඔවුන් පරාජය වූයේ ඉන්දියාව සමග තරගයේදි පමණයි.
දැන් අවසන් මහා තරගයේදීත් ශ්රී ලංකාවේ ප්රතිවාදින් වී සිටින්නේ ඉන්දියාවයි.
තරගය අද රාත්රී පැවැත්වෙනවා.
මේ අතර මෙම තරගාවලියේ කාන්තා අංශයෙන්ද අවසන් පුර්ව තරග සදහා සුදුසුකම් ලැබීමට ශ්රී ලංකාව සමත් වුණා.
කෙසේවෙතත් ඉන්දියාව සමග පැවති අවසන් පුර්ව තරගයේදී උණුසුම් තරගයකින් පසු ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය වුණා.
කාන්තා තරග සදහා සහභාගි වී සිටින රටවල් ගණන 10 ක්.
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබාගත්තේ “ බී ” කාණ්ඩයේ දෙවැනියා වෙමින්.
එහිදි බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ එංගලන්තය පරාජය කිරීමට ශ්රී ලංකා ක්රීඩිකාවන් සමත් වුණා.
පළමු වටයේදී ඔවුන් පරාජය වූයේ කෙන්යාව හමුවේ පමණයි.
තරගාවලිය පුරා ශ්රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම දැක්වු දක්ෂතා විචාරකයන්ගේ ඉහළ අගය කිරීමකට ලක්ව තිබෙනවා.




