පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ අංශය වෙත පුහුණු කර අනුයුක්ත කිරීම සඳහා සුනඛයන් හතළිස් දෙනකු නෙදර්ලන්තයේ සිට අද (නොවැම්බර් 29) රැගෙන ආවා.

මෙම සුනඛයන් ජර්මන් ෂෙපර්ඩ්, ලැබ්‍රඩෝ, මැලිනොයිස් සහ බීගල් යන වර්ග වලට අයත් අයයි.

ඔවුන් සියලු දෙනා අවුරුද්දක් පමණ වය පසුවනවා. මෙම සෑම සුනඛයෙකුම එක් අයෙකු රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා බවයි පොලිස් නිල සුනඛ අංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

නෙදර්ලන්තයේ සිට මෙලෙස රැගෙන ආ සුනඛයන් පුපුර්ණ ද්‍රව්‍ය පරීක්ෂාව හා හඳුනාගැනීම, මත්ද්‍රව්‍ය වැටලීම සහ වෙනත් අපරාධ විමර්ශනය සඳහා පුහුණු කිරීමට නියමිතව තිබෙනවා.