අද දිනට යෙදි ඇති හජ් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට සිය අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන්ට අද දිනයේ ආහාර හා රසකැවිලි ගෙනවිත් ඔවුන්ට ලබාදිය හැකි බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් ලබන 30 වනදා ද රැදවියන්ට සිය අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක් ලබාදෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.