පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීම ඉසව්වෙන් කිලෝ ග්‍රෑම් 60 බර පන්තියේ පිරිමි තරඟයේ හතරවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපුන් සෝමතිලක සමත් වුණා.

මෙම තරඟයේ රන් පදක්කම දිනා ගත්තේ මැලේසියාවේ බින් කැස්ඩාන් විසින්.

ඒ කිලෝ ග්‍රෑම් 273ක දක්ෂතාවක් දක්වමින්.

කිලෝ ග්‍රෑම් 264ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ රිෂිකාන්තා සිං රිදී පදක්කම දිනා ගත්තා.

ලෝකඩ පදක්කම දිනා ගත්තේ කෙන්යාවේ ජෝෂුවා අමුංගා විසින්.

ඔහු දැක්වූ දක්ෂතාව කිලෝ ග්‍රෑම් 260 ක්.

මෙහිදී ශ්‍රී ලංකාවේ සුපුන් සෝමතිලක කිලෝ ග්‍රෑම් 244ක දක්ෂතාවක් දැක්වූවා.

ඒ අනුව පදක්කමක් ඔහුට ගිලිහී ගියේ කිලෝ ග්‍රෑම් 16ක සුළු පරතරයකින්.

මේ අතර බොක්සින් කිලෝග්‍රෑම් 55 බර පන්තියේ අවසන් 16 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ රුක්මාල් ප්‍රසන්න අවාසනාවන්ත පරාජයක් ලැබුවා.

ඔහු තරග කළේ එංගලන්ත ක්‍රීඩක එලිස් ට්‍රෝබ්‍රිජ් සමඟයි.

ලකුණු හතරට බිංදුවක් ලෙස එංගලන්ත ක්‍රීඩකයා මෙම තරගය ජය ගනිමින් අවසන් 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.