Published
තවදුරටත් බලයේ රැදී සිටින්නට ආණ්ඩුව, මර්දනය සහ භීෂණය භාවිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් දෙකක් වන ප්‍රශ්නගත බහාලුම් මුදාහැරීම සහ මුදල් අමාත්‍යාංශයේ මුදල් අස්ථානගතවීම යන සිද්ධින්වලට පැමිණිලි කළ පුද්ගලයන්ට අත්වූ ඉරණම හේතුවෙන් එය මනාව පැහැදිලි වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
කැළණිය රජමහා විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.




