අධික ලෙස බීමත්ව මගින් රැගෙන බස් රථයක් ධාවනය කල රියදුරෙකු බගවන්තලාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් සිට රාණිකාඩුව දක්වා ධාවනය වෙමින් තිබූ එම බස් රථයේ රියදුරා බීමත්ව සිටින බවට බස් රථයේ ගමන් ගත් මගීන් විසින් දැනුම් දුන් බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් බස් රථය ලුහුබැද ගොස් බගවන්තලාව කැම්පියන් නගරයේදි එය නතර කර රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවද බගවන්තලාව පොලිසිය පැවසුවා.

මේ අතර එම මාර්ගයේ ගමන් ගත් මෙවැනිම බස් රථයක් පසුගිය 28 වනදා අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල ලැබුවා