ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මඟින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගත් රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් ට්‍රැක්ටර් රථයක් සහ මූල්‍ය ආයතනයක ආයෝජනය කර තිබූ රුපියල් මිලියන 10 ක මුදලක් දින 07 ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කර තිබෙනවා .
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද පුළුල් විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
අදාළ සැකකරුගේ නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව, 2026 ජූලි 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 07 ක කාලයක් සඳහා මෙම දේපල සහ ආයෝජන ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම ජාවාරම සහ ඊට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.




