පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්ත සැරයන්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 45 ක් වන ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ අලුත්ගම කඳවුරට අනුයුක්තවයි රාජකාරියේ යෙදී සිටියේ.
මීට අමතරව තවත් සිවිල් පුද්ගලයෙකුද මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහෙයුම සිදු කළේ කළුතර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින්.
මෙහෙයුමේදී පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් පුද්ගලයායි.
දර්ගා නගරය හතර කණුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග ඔහු අත්අඩංගුවට ගැනුණා.
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයකට වැඩි ප්‍රමාණයක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුව මීගම පහේ කණුව ප්‍රදේශයේදී සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතරකට ආසන්න ප්‍රමාණයක් ඔහු සන්තකයේ තිබී ඇති බවයි වාර්තා වුනේ.
මෙම සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පළමුව අත්අඩංගුවට ගත් සිවිල් පුද්ගලයාගෙන් ලැබුණු තොරතුරු වලට අනුවයි.
තමන්ට මත්ද්‍රව්‍ය ලබා දුන්නේ සැකකාර සැරයන්වරයා බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.




