Published
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන දෙහිවල පොලිස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ දෙහිවල පොලිස්ථානාධිපතිවරයා විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා වසර තුනකට ආසන්න කාලයක් පොලිස් සේවයේ නිරත වූ අයෙක් .
ඔහු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.
ඔහු ඇසුරු කළ පුද්ගලයින් පිළිබද සොයා බැලූ පොලිස්ථානාධිපතිවරයා උප පොලිස් පරීක්ෂකවරයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බව තහවුරු කර ගෙන තිබෙනවා.




