Published
මත්ද්‍රව්‍ය භාවිත කර පුද්ගලික බස් රථයක් ධාවනය කළ රියදුරෙකු මාරවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් එම රියදුරා හලාවත රෝහලේදී වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කළ බවයි පොලීසිය පැවසුවේ.
එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු අයිස්, හෙරොයින්, ගංජා සහ මත් පෙති භාවිත කර ඇති බවටයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සිට පුත්තලම බලා ධාවනය කළ පුද්ගලික බස් රථයක රියදුරෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



