Published
මත්ද්‍රව්‍ය සන්තකව සිටි පාසල් සිසුවෙකු ගන්නෝරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එම පාසල් සිසුවා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 500 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 යි, මිලිග්‍රෑම් 900 ක් සොයාගෙන තිබෙනවා.
ඔහු පේරාදෙණිය, කන්දකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ලබන වසරේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමට නියමිත සිටි සිසුවෙකුයි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහුට මෙම මත්ද්‍රව්‍ය ලබාදුන්නේ කවුරුන්ද සහ එම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන සිදුකරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ.




