ගිනි ගැනීමකට ලක්වූ හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂවරියක් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දිනයේ එම ස්ථානයට ගියත් ඒ වන විට ගින්න නිවා දමා තිබුණේ නැහැ.

ඒ අනුව අද දිනයේ එම කණ්ඩායම අදාල කර්මාන්ත ශාලාව නිරික්ෂණය කිරීමට නියමිත බවයි මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවේ.

මේ අතර ගිනි ගැනීමට ලක්වූ අදාල කර්මාන්ත ශාලාව 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බවද එම අධිකාරිය පැවසුවා.