මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට විටින් විට ඇදහැලෙන අධික වැසිත් සමග ප්‍රධාන මාර්ගවලට පස් කඩා වැටිමේ අදානමක් පවතින බව නෝර්වුඩ් විධායක ඉංජිනේරු කාර්යාලය පවසනවා.

ඒ අනුව එම මාර්ගවල රථාවාහන ධාවනය කිරිමේදී සැළිකිලිමත් වන ලෙසයි එම කාර්යාලය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ්, ග්ලැන්කන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද දහවල් වන තෙක් එක් මංතීරුවකට සීමා කර තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.