මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාරවලට මාරු කර තිබෙනවා.

ඒ අනුව එම රැඳවියන් දුම්බර,වැලිකඩ, බූස්ස, කලුතර,බදුල්ල,මඩකලපුව හා පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මාරු කර යැවූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ.

එලෙස මාරු කෙරුණු රැඳවියන්ගේ නම් ඇතුළත් ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාදකය අසල ප්‍රදර්ශනය කර තිබෙනවා.

මේ අතර අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම සඳුදා සහ අඟහරුවාදා දින දෙකෙන් පසුව ආරම්භ කරන බවද ඔහු කියා සිටියා.