Published
මහර බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම රැඳවියන් වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයකට ස්ථාන මාරු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
පැය 14කට අධික කාලයක් එම බන්ධනාගාරයේ පැවති නොසන්සුන්තාව අද උදෑසන 6.15 ට පමණ සම්පූර්ණයෙන්ම පාලනය කළා.
ඒ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන්.
කෙසේවෙතත් මහර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා.


