යාපනය මහාධිකරණ විනිසුරු ඒ. ජී. ඇලෙක්ස්රාජා ධුරයට පත්ව මාසයක් ගතවීමටත් මත්තෙන් ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් රජය කිසිඳු මැදිහත්වීමක් සිදුකර නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කර මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විනිසුරුවරයන්ගේ ස්ථානමාරු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම පමණක් කටයුතු කරන බවයි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ යාපනය මහාධිකරණ විනිසුරුවරයාට ලබාදුන් මෙම ස්ථානමාරුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යාපනය දිස්ත්‍රික් ශාඛාවද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවයි.
ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීම මත මෙම ස්ථානමාරුව සිදුකර ඇද්ද යන්න මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්ණ කළා.
කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබාදෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා යොමුකළ ප්‍රශ්ණය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර පිළිතුරක් ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.




