Published
දැදුරු ඔය ජලාශයේ ධාරා ප්රදේශයට අද දිනය පුරා වැසි ලැබීම හේතුවෙන් මේ වන විට ජලාශයේ ජල මට්ටම වැඩි වන බැවින් ජලාශයේ වාන් දොරටු අටක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දැදුරු ඔයට නිකුත් වන ජල ප්රමාණය තත්පරයට ඝන අඩි 5300 ක් වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එවන් පසුබිමක් තුළ දැදුරුඔය ජලාශයට පහලින් දැදුරු ඔය ආශ්රිතව පදිංචි ජනතාව විශේෂයෙන් දැදුරුඔයෙහි ජල මට්ටම් වෙනස් වීම් පිළිබඳ ව අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් වනවා.
එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරන අංශ මගින් විටින් විට වාන් දොරටු විවෘත කිරීම පිළිබඳව නිකුත් කරන නිවේදන පිළිබඳ ව අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්මේන්තුව වැඩිදුරටත් පැවසුවේ.



