මාතර, වල්ගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 21යි ග්‍රෑම් 810 ක් සමග සැකකාරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් නිවසක සිදුකළ වැටලීමකදීයි.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්‍ෂ 5ක මුදලක්, එම ජාවාරමට යොදා ගත් බවට සැකකරන මෝටර් රථයක්, යතුරුපැදියක් හා ජංගම දුරකථන 03ක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

වයස අවුරුදු 34 ක් වන සැකකාරිය වංචාවල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර වයස අවුරුදු 28ක් වන සැකකරු යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.