Published
මාලිම්බඩ, නාගොඩ ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි සැලක හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති බව පොලීසිය පවසනවා.
එම ගින්න හටගෙන තිබුණේ උදෑසන 6.25 ට පමණයි.
වහා ක්‍රියාත්මක වූ මාලිම්බඩ පොලීසිය ගින්න නිවීම සදහා මාතර මහ නගර සභාවේ ගිනි නිවීම් රථ කැදවා තිබෙනවා.
ඒ අනුව ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන්ගේද සහාය ඇතිව එම ගින්න නිවා දැමූ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.




