කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය මන්ත්‍රීවරයා විසින් ඊයේ දිනයේ තමා වෙත භාරදුන් බවයි කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා වෙත භාරදී ඇති බවයි වාර්තා වුණේ.

නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි බී.ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සදහන් කර ඇත්තේ.

කුරුණෑගල මහ නගර සභාව සඳහා අංක එක ගංගොඩ කොට්ඨාශයෙන් වැඩිම මනාප ලබාගනිමින් ඔහු කුරුණෑගල මහ නගර සභාව සඳහා තේරී පත්ව තිබුණා.