මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි සාමාජිකයෙකු කියන කොස්මල්ලී නමැත්තාගේ අනුගාමිකයෙකු බව පොලීසිය පවසනවා.

ඔහු සැකකරු අංක 1777 යටතේ ලියාපදිංචි වී සිටියා.

මොහොමඩ් අස්මාන් ශෙරෆ්ඩින් නමැති ඔහු මැගසින් බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවය අතරතුර තුවාල ලබා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

මේ අතර මැගසින් බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව අද පෙරවරුවේ සම්පූර්ණයෙන්ම පාලනය වි තිබුණා.