Published
මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතියේ බලය විපක්ෂය විසින් දිනා ගත්තද ඔවුන්ට එහි කටයුතු වැඩි කලක් නිසි අයුරින් පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයි බව ජාතික ජනබලවේගය පවසනවා.
සභිකයින් පත්කිරීමේ ඡන්දයෙන් සභික ධුර 66 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
එහිදී ජාතික ජන බලවේගයට හිමිකර ගැනීමට හැකිවූයේ සභික ධුර 52 ක් පමණයි. ඒ අනුව ජනතාව දැන් විපක්ෂය සමග සිටින බව ඉන් පෙන්නුම් කරන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේ
කෙසේවෙතත් විපක්ෂයට පොදු අරමුණක් වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට නොහැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසන්නේ.




