Published
ශ්රීපුර, මීඔය වැලිඇල ඇනිකට් අසල දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ යාය 12 ප්රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහු තවත් පිරිසක් සමඟ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අතුරුදන් වූ තරුණයා සොයා ප්රදේශවාසීන්ගේ සහ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමේ සහය ඇතිව සෝදිසි මෙහෙයුම් ක්රියාත්මකයි.




