මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

ඒ අනුව එම ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගියා.

එම සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති බන්ධනාගාර නිලධාරීන් ගණන 8 ක්.

මියගිය සෙසු පිරිස රැදවියන් වනවා.

53 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

මේ අතර ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට පැමිණ තිබෙනවා.