Published
බදුල්ල - මහියංගන ප්රධාන මාර්ගයේ මීගහකිවුල 16 කණුව හන්දිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 5දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පෞද්ගලික බස් රථයක්, යතුරුපැදියක් සහ ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ යතුරුපැදිකරු, ත්රිරෝද රථය පදවාගෙන ආ කාන්තාව, එහි ගමන් ගත් අවුරුදු හතර හමාරක දැරිය සහ තවත් කාන්තාවන් දෙදෙනෙක්.
තුවාල ලැබූවන් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




