මුදල් අමාත්‍යාංශයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

ඔහු විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග නිශාන්ත මහතා බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නිළධාරියා ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.

නෙත් නිවුස් වාර්තාකරු දිනේෂ් උපේන්ද්‍ර පැවසුවේ මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සදහා මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ ඇති බවයි.