මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ බත්තරමුල්ල පැලවත්ත දේසිංහපුර නිවස අසල අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත් වුණා.

එම විරෝධතාවයට එක්ව සිටියේ නව ජනතා පෙරමුණ නායක සුගීශ්වර බණ්ඩාර මහතා ඇතුළු පාක්ෂිකයන් පිරිසක්.

එහිදී ගොම ප්‍රහාරයක් ද එල්ල වී තිබෙනවා.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් සිදුකල බව කියන මුදල් සොරකමට අදාළ සිද්ධිය මුල් කර ගනිමින් එම පිරිස අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට එලෙස විරෝධතාවයේ නිරත වුණා.