Published
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.
එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා.
මේ අතර ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි ගොනුකර තිබූ රිට් පෙත්සමේ විභාගය අද අභියාචනාධිකරණය හමුවේ අවසන් කෙරුණා.
එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.




