යතුරු පැදි සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු කුරුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඇළපාත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සොරකම් කරන ලද යතුරුපැදි 03 ක්, යතුරුපැදි චැසි කොටස් 11ක්, යතුරුපැදි එන්ජින් කොටස් 05 ක් සහ අංක තහඩු 19 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුවිට සහ උඩවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.