රටවල් කිහිපයක පවතින තානාපතිවරුන්ගේ සහ මහ කොමසාරිස්වරුන්ගේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ ඊයේ විවාදයට ගැනුණු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව කියායා සිටියා.
මෙම විවාදයේදී තානාපතිවරුන් පත්කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කරුණු දැක්වුවා.
මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී පළ කළ අදහස්.
"දැන් ඔබ මැතිවරණ කාලේ දීපු පොරොන්දු ඉෂ්ට කරන්නැතුව මේ රටේ ජනතාවට බොරු කරා පමණක් නෙමෙයි, දැන් ජාත්‍යන්තරයටත් බොරු කරන තැනට ඔබ තමුන්නාන්සේලා පත්වෙලා තියෙනවා. ජාත්‍යන්තරයටත් බොරු කරන තැනට. තවම චීනයට, ඇමරිකාවට, ජර්මනියට, කැනඩාවට තානාපතිවරු පත් කරගන්න ඔබ තමුන්නාන්සේලා අපොහොසත් වෙලා තියෙනවා. තානාපතිවරු පත් කරගන්න. අඩු ගානේ සභාපතිතුමිය මේ තානාපතිවරු ටික පත් කරගන්නකෝ වෙළඳ ගිවිසුම් ගහන්න කලින්, ඒ ගැන සාකච්ඡා කරන්න. අද වෙනකම් මේ ප්‍රධාන රටවල් කීපයක් විතරයි, තව රටවල් ගණනාවක් තියෙනවා තානාපතිවරු පත් කරගන්න බැරි වෙච්ච. දැන් ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු දෙකයි. සමහර මාස හය හත තානාපතිවරු නෑ විශේෂ ප්‍රධාන රටවල් වලට. ඉතින් ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න."
අමාත්‍ය විජිත හේරත් මහතා ඒ සම්බන්ධයෙන් විවාදයේ පිළිතුරු කතාවේදී මෙලෙස අදහස් දැක්වුවා.
''මතු කළා යම් යම් රටවල තානාපතිවරු පත් කරලා නැහැ කියලා. කැනඩාව, කැනඩාවට මේ 27 වැනිදා අපේ චීෆ් ප්‍රොටොකෝල් ඔෆිසර් රෝහණ අඹගොල්ල මහත්මයා 27 වැනිදා කැනඩාවට යනවා මහ කොමසාරිස්වරයා විදිහට. ඒ වගේම චීනයට ඒ යවන තානාපති නිලධාරිවරයා 28 වැනිදා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට කැඳවලා තියෙනවා. ඒ කටයුත්ත අවසන් වුණාට පස්සේ නොබෝ දිනකින්ම චීනයට යනවා. තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් පත් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. එකපාරම බැහැ. එකක් අපි නම යැව්වට පස්සේ ඒ රට ඒ නම අනුමත කරන්න ඕනේ. ඒකටත් මාස කීපයක් යනවා. ඊට පස්සේ අපි මෙහෙ ලංකාවේ පාර්ලිමේන්තුවේ හයි පෝස්ට් කමිටි එකේ ඇපෲව් කරන්න ඕනේ. ඒ අතරතුර ඔහු හෝ ඇය විසින් ඉදිරිපත් කළ යුතු වෛද්‍ය වාර්තා, පොලිස් වාර්තා එවැනි ගොඩක් ඒවා තියෙනවා. ඒ ක්‍රියාවලිය, ආදායම් බදු වාර්තා ඒවා අවසන් කරන්නත් යම් කාලයක් යනවා. ඒ නිසා තමයි මාස කීපයක් ගත වෙන්නේ. ඒ නිසා දැනට ඇත්තටම පුරප්පාඩු වෙලා තියෙන්නේ ජර්මනිය සහ ඇමරිකා එක්සත් ජනපදය. මම ඉතාම සතුටින් කියන්න කැමතියි ඇමරිකා එක්සත් ජනපදයටත් අපි අලුත්, පළවෙනි වතාවට කාන්තා තානාපතිවරියක් යවනවා. අපේ අමාත්‍යාංශයේ දැනට ලේකම්වරිය විදිහට කටයුතු කරන අරුණි රණරාජා මහත්මියව අපි ඇමරිකාවේ පළමු කාන්තා තානාපති විදිහට පත් කරලා යවනවා."




