Published
සිංගප්පූරුවේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳ සතු ගමන් මලු පරීක්ෂා කිරීමේදී, එහි තිබී තහනම් කරන ලද භාණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.
ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී මෙම භාණ්ඩ තොගය සොයාගෙන ඇත්තේ.
ඒ අනුව ඩ්‍රෝන කැමරා 39ක් සහ මයික්‍රෆෝන 16ක් රේගු නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
අදාළ ඩ්‍රෝන කැමරා මෙරටට ආනයනය කිරීම සඳහා අවශ්‍ය බව සඳහන් අදාල ආයතන ලබදුන් අනුමැතින් ඉදිරිපත් කරන ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව, අවශ්‍ය අනුමැතීන් ඉදිරිපත් කරන තෙක් අදාළ ඩ්‍රෝන යානා රේගු භාරයේ රඳවා තබාගෙන තිබෙනවා.



